ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල අඩු වූවද ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල අඩු කළ නොහැකි බව හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රූපවාහිනී වැඩසටහනකදී පෙන්වා දී තිබේ.
ඔහු එයට හේතු ලෙස සඳහන් කරන්නේ ඉන්ධන මිල පහත දැමුවහොත් ජනතාව “වැඩි වැඩියෙන් ඉන්ධන ගහගෙන කට්ටිය රවුම් ගහන්න එහෙම පුරුදු වෙනවා” යන්නයි.
ඊට අමතරව අපනයන ආදායම මෙන් දෙගුනයක් ආනයන වියදම ඉහළ ගොස් ඇති අවස්ථාවක ඉන්ධන මිල අඩු කිරීමෙන් විශාල ගැටළු රැසකට මුහුණ දෙන්න සිදුවන බව ඔහු දන්වා ඇත.
හිරු ටීවී නාලිකාවේ විකාශය වුනු ‘බලය’ වැඩසටහනක දී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම කරුණු පෙන්වා දී තිබේ.