කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි පලමු ශ්‍රී ලාංකිකයා වූ මත්තෙගොඩ
ප්‍රදේශයේ වාසය කළ සංචාරක මගපෙන්වන ජයන්ත රණසිංහ මහතා සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.


පූර්ණ වශයෙන් සුවය ලැබීමෙන් පසු ඔහු රෝහලෙන් පිටත්ව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර තිබේ.
ඉතාලියේ සංචාරක කණ්ඩායමක් සම ගැවසීමෙන් පසු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඔහු කොලඹ IDH රෝහලට ඇතුළු කරනු ලැබු අතර පසුව ඔහුගේ පුතුට කොරෝනා වැළඳී ඇති සැකයට පරීක්ෂණයක්ද සිදු විය. ඔහු සමග ගැවසුණ තවත් සංචාරක මගපෙන්වන්නෙකුට අනතුරුව කොරෝනා වැළඳිණි.ඔහුගේ තත්වයද දැන් සුව බවත් ඔහුද රෝහලින් පිටව යාමට ආසන්න බවත් වාර්තා ලැබී තිබේ.