මෙරටදී මුලින්ම හමුවූ කොරෝනා වෛරසය වැලඳුණු මත්තෙගොඩ ජයන්ත රණසිංහ සංචාරක මග පෙන්වන්නා ඇසුරු කළ කළුතර හා බේරුවල ප්‍රදේශවල තවත් සංචාරක මග පෙන්වන්නන් හතර දෙනකු තම
තමන්ගේ

නිවෙස්වලම නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇත. සෞඛ්‍ය අංශ ඔවුන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවේ.

නිවෙස්වලින් පිටව නොයන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇති අතර කොට්ඨ‍ාස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අධීක්ෂණයට මොවුන් පත්කර ඇත. මොවුන් කොරෝනා රෝගය වැලඳුණු සංචාරක මග පෙන්වන්නා සමග මහනුවර හා දඹුල්ල යන ප්‍රදේශවල පිහිටි හෝටල්වල රාත්‍රී නවාතැන් ගෙන සිටි අය වේ.

ලක්ඛිත විද්‍යාසේකර - කළුතර