මෙරටින් හමුවූ පළමු කොරොනා ආසාදිතයා වූ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ජයන්ත රණසිංහ මහතා අද රෝහලින් පිටව ගියේය. මීට දින දෙක තුනකට පෙර පූර්ණ වශයෙන් කොරෝනා තත්වයෙන් මිදුණ බවට ඔහු ගැන වෛද්‍ය වාර්තා ලැබුණ අතර
9 වනදා ඇතුළත්වී දින 14 කට පසු අද 23 දා මේ ආකාරයට පිටව යාමට ඔහු අවස්ථාව උදා කරගත්තේය.
ඉතාලි ජාතික සංචාරකයින්ට මග

පෙන්වන්නෙකු ලෙස රැකියාව කළ ඔහු මුල්වරට හමුවූ කොරෝනා රෝගියා වීම නිසා මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති කළේය.

ඔහුට රෝගය වැළඳුණ පසු ඔහුගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන පුතුද වෛද්‍ය පරීක්ෂණයකට ලක්වූ නමුත් එම පුතුට රෝගය තහවුරු වූයේ නැත. රණසිංහ මහතාගෙන් රෝගය බෝවූ එකම පුද්ගලයා වූයේ ඔහු දඹුල්ල අමායා ලේක් හෝටලයේ රැදී සිටියදී රියදුරු නිවහනේ එක ළග ඇදක සිටි අනෙක් සංචාරක මගපෙන්වන්නාය. බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ ඔහුගෙන් එම නිවසේ කිහිපදෙනෙකුට රෝගය වැළදුණි.

මේ වනවිට රණසිංහ මහතා ඇතුළු 4 දෙනෙකු පිටව යාමට හැකි මට්ටමේ සුවය ලබා ඇති අතර
මේ වන විට පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් රණසිංහ මහතාට පිටව යාමට නිර්දේශ ලබාදුන් බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
විශේෂ ගිලන් රථයකින්

නිවස වෙත පිටත් කර හැරීමෙන් පසු ඔහුට තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ටද උපදෙස් ලබාදී ඇත.

මේ අතරම, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ද දින 14ක ස්වයං නිරෝධායන කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහතික කර ඇත.
මින් ඉහත ජනවාරි මාසයේ කොරෝනා වැළඳුණ චීන ජාතික කාන්තාවකද මේ ආකාරයට සුවය ලැබීමෙන් පසු ඇමතිතුමිය හා නිලධාරීන්ද පැමිණ උත්සවාකාරයෙන් රෝහලින් පිටව ගිය අතර රණසිංහ මහතා පිටව යන අවස්ථාවට එවැනි සංසිද්ධියක් ඇතුළත් වූයේ නැත.