කොරෝනා වෛරසය ආසාදනය වු බව කියන ප්‍රංශ ජාතිකයෙකු අද (18)සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


හතළිස් තුන් හැවිරිදි මෙම ප්‍රංශ ජාතිකයා දහඅට හැවිරිදි තම දියණියද සමඟ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි රියදුරකු සමඟ මීගමුව, සීගිරිය , වැල්ලවාය ආදි ප්‍රදේශවල සංචාරය කර ඊයේ දහවල් රත්ගම හෝටලයකට පැමිණි අවස්ථාවේ පොලිසිය මැදිහත්වි ඔහු කරාපිටිය රෝහල වෙත යවා තිබේ.

මෙම ප්‍රංශ ජාතිකයා පිළිබඳව මෙයට පෙර තොරතුරු අනාවරණය කර ගෙන තිබිම නිසා රත්ගමට පැමිණි අවස්ථාවේ මෙසේ කරාපිටිය රෝහලට යැවිමට පියවර ගෙන ඇත.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු අද  සවසම අයි.ඩී.එච්.රෝහල වෙත යැවිමට කටයුතු කරන බවය.
(ඩී.ජී.සුගතපාල)