සංචාරක මගපෙන්වන්නන් ලෙස පසුගිය 13, 14 දිනවලදී තිස්සමහාරාම ප්‍රදේශයට පැමිණි බව කියන
පුද්ගලයන් තිදෙනකු
කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (17) තහවුරු වූ පිරිසට ඇතුළත් බව අනාවරණය විය.
ඒ අනුව ඔවුන් ගමන් කළ ස්ථාන පිළිබඳ පොලිස් පරීක්ෂණයක් සිදුවූ අතර තිස්සමහාරාම සහ ඒ අවට ප්‍රදේශයේ සංචාරක හෝටල් තුනක නවාතැන් ගෙන ඇති බවට අනාවරණය වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක හෝටල් තුන මේ වනවිට වසා දමා තිබෙන බව තිස්සමහාරාම ‍ප්‍රාදේශීය සභාවේ සභාපති විතාරණගමගේ උපුල් මහතා මාධ්‍ය වෙත දන්වා ඇත.