[Trending][btop]
[News][stack]

පොහොට්ටුවෙන් හැලු නිසා ජිවන් රතන හිමිට එක්වේ -කොඩියෙන් මහ මැතිවරණයට

කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ජිවන් කුමාරණතුංග මහතා අතුරලියේ
රතන හිමිගේ
නායකත්වයෙන් යුතු අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අද රාජගිරියේදී සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.

පොහොට්ටුව  ලකුණ යටතේ තරග කිරිමට ඔහු සුදානමින් සිටියද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙ කොළඹ දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුවට ජිවන් කුමාරතුංග මහතා ඇතුලත් කර නොතිබු නිසා මෙම පියවර ගත් බව වාර්තා වෙයි