රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකේ අගය ඉහළ යාම හේතුවෙන් ජපන් මෝටර් රථ මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පිරිස් මහතා
පැවැසීය. ජපන් යෙන් එකක අගය රුපියලයි සත හැටතුනේ සිට රුපියලයි සත හැත්තෑ අට දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වාහනවල සී.අයි.එෆ්. වටිනාකම සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද රජන් පීරිස් මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙරට වැඩි වශයෙන් අලෙවි වන සුසුකි වැගන් ආර් මෝටර් රථයක් රුපියල්  1,70,000කින් ද ටොයොටා පැසෝ මෝටර් රථයක් රුපියල් 1,60,000කින් ද ටොයොටා විට්ස් මෝටර් රථයක් රුපියල් 2,40,000කින් ද  ටොයොටා ඇක්සියෝ මෝටර් රථයක් රුපියල් 3,75,000කින් ද ටොයෝටා ප්‍රිමියෝ මෝටර් රථයක් රුපියල් 4,00,000කින් ද ටොයොටා රයිස් මෝටර් රථයක් රුපියල් 4,00,000කින් ද ටොයොටා සී.එච්.ආර්. මෝටර් රථයක් රුපියල්  4,70,000කින් ද ටොයොටා වෙසල් මෝටර් රථයක් රුපියල් 4,00,000කින් ද ටොයොටා  ග්‍රේස් මෝටර් රථයක් රුපියල් 3,50,000කින් ද මිල ඉහළ යනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙයට සාපේක්ෂව ආනයනික සියලුම ජපන් මෝටර් රථවල මිල ඉහළ යනු ඇතැයි ද රන්ජන් පීරිස් මහතා පැවසීය. මේ වන විට වෙළෙඳපොළේ පවතින මෝටර් රථ පැරණි මිලටම ලබාගැනීමට අවස්ථාව ඇති බැවින් අලුතින් වාහන මිල දී ගැනීමට සිටින පාරිභෝගිකයන් හැකි ඉක්මනින් වාහන මිල දී ගන්නා ලෙස ද රජන් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-නිමල කොඩිතුවක්කු-