ඉන්ධන මිල හෙට (11) රාත්‍රියේදී අඩු කිරීමට බොහෝදුරට ඇතැයි රජයේ ආරංචි මාලිංග සඳහන් කරයි. මේ අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් අඩුවන මිල ගණන් විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා
හෙට (11) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.  ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙසේ ඉන්ධන මිල ගණන් අඩු කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි පැවැසේ.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පසුගිය සති කිහිපයක් තිස්සේ අඩුවෙමින් පවතින අතර කොරෝනා වයිරසය රටවල් රැසකට ව්‍යාප්තවීම ඊට හේතුවී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ අතර විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය  ජනතාවට ලබාදීමට රජය අවධානය යොමු වී ඇති බවය. මේ පිළිබඳව තමා හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව ද  ඇමැති අමරවීර මහතා කීවේය.


-අජන්ත කුමාර අගලකඩ-