අද සන්ධ්‍යා කාලයේ විදේශ අමාත්‍යංශය මාධ්‍ය වෙත කළ දැනුම් දීම අනුව විදේශ අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට COVID -19 රෝගය වැලඳී ඇති බව වාර්තා කර තිබේ. ඒ බව දැනගත් අමාත්‍යාංශය, අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගෙන
වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අවම පියවර කිහිපයක් ගෙන  ඇති බවත්
අදාළ නිලධාරිනිය 13 වන සිකුරාදා

සිට ස්වයං නිරෝධායනය කර ඇති බවත් දන්වා ඇත.
ආරම්භක පියවරක් ලෙස, මේ සතිය මුලදී කොළඹදී එක් වැඩ කරන දිනකදී සහ සති 2 කට පෙර මෙම කාන්තාව වැඩ කරමින් සිටි ස්වීඩනයේ  සිටි සෙසු නිලධාරින් සමඟ සෘජු සම්බන්ධතා දැක්වූ කාර්ය මණ්ඩලය
ගැන සැක තත්වයක් මතුව ඇති බවත් ඔවුනටද 'ස්වයං නිරෝධායනය' සඳහා උපදෙස් දී ඇති බවත් දැක්වේ. '. අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීමට වැඩිදුර පියවර ගෙන තිබේ.
අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සඳහා තත්ත්වය අධීක්ෂණය හා තක්සේරු කරනු ඇතැයිද දන්වා ඇත.
දැනට සංඛ්‍යාලේඛන ගත කොරෝනා ආසාදිත 10 දෙනෙකු ගැන පමණක් රජයේ නිල නිවේදන මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම පුද්ගලයා සමග එම ගණන 11 වන්නට නියමිතය.