මුහුණු පොත හරහා දැන්වීම් පළකොට කුලී පදනම මත ලබා ගන්නා අති සුඛෝපභෝගීි
වාහන උකස් කිරීමෙන් හා විකිණීමෙන් මුදල් ඉපැයීමට පුරුදුව සිටි පුද්ගලයකු ඊයේ (01දා) අත්අඩංගුවට
ගත් බව කිරුළපන පොලිසිය පවසයි.
ව්‍යාජ ලිපිලේඛන සකසා වංචා කර තිබූ වාහන 05ද පසුව සොයාගත් බව පොලිසිය කියයි. මෙම
ජාවාරම කරගෙන යෑම සඳහා සැකකරු මුහුණු පොතෙහි දැන්වීමක් පළකොට ඊට ප්‍රතිචාර ලැබෙන

ප්‍රදේශයෙන් එක් දින කුලී පදනම යටතේ කාමරයක් ගෙන එහි කාර්යාලයක් පවත්වාගෙන යන පරිද්දෙන්
ගනුදෙනුකරු රවටා එහි රැඳී සිටිමින් ඉතා සූක්ෂ්ම ලෙස මෙය කරගෙනවිත් ඇති බව වාර්තා වී තිබේ.
 සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙසේ වංචා කළ වාහන 05ක් සොයා ගැනීමට හැකි වූ
බව පොලිසිය කියයි. ඒ අනුව මෝටර් රථ 02ක්, වෑන් රථයක්, ජීප් රථයක් හා කැබ් රථයක් සොයාගත්
බවත් ඉන් සොයාගත් වෑන් රථය යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 4කට විකුණා තිබියදී
සොයාගත් බවත් පොලිසිය පවසයි. මෙසේ සොයාගත් වාහනවල වටිනාකම රුපියල් කෝටි හතරකට ආසන්න බවත්
ඒවා උකස්කර තිබුණේ රුපියල් ලක්ෂ 2, 21/2, 3, 3 1/2 වැනි මුදලකට බවද පැවැසේ.


සොයාගත් එක් මෝටර් රථයක් වත්තලින්ද,  තවත් මෝටර් රථයක් කළුබෝවිලෙන්ද, කැබ් රථය වත්තලින්ද, ජීප්
රථය දෙමටගොඩ ප්‍රදේශයෙන්ද සොයාගත් බව පොලිසිය පවසයි. සැකකරු මෙසේ තවත් වාහන වංචා කර
ඇති බවට පොලිසිය සැකකරන අතර එසේ වංචාවට ලක් වූ යම් අයකු වෙතොත් කිරුළපන පොලිසියට දැනුම්
දෙන ලෙසද ජනතාවට දන්වා සිටී.

ඒ අනුව අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ පදිංචි (25) සැකකරු අලුත්කඩේ අංක ඪඪඪ අධිකරණයට
ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳව කොළඹ දකුණ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි, සිසිර
පෙන්තතන්ත්‍රී මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සෝමරත්න මහතාගේ උපදෙස් මත
කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක, කළුආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ
විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර පො.සැ. ජයවීර (9233),
විජේතුංග(37783)  සනත් කරුණානායක, පො.කො.  අරුණ (78686), තුරංග(61413) යන නිලධාරීහු
පරීක්ෂණ පවත්වති.

පන්නිපිටිය - හෂාන් පුෂ්පික