දඹුල්ල නගරයේ කුරුණෑගල පාරේ ඇස් කණ්නාඩි අලෙවි කරන වෙළෙඳසැලක සේවය කරමින් සිටි තරුණයකු අද (15) දින පස්වරුවේ සිය වෙළඳසැලේ ඉහළ මාලයේ කාමරයක වැටී මියගොස් සිටියදී
සොයාගෙන තිබෙයි.

එම වෙළෙඳසැලේම සේවය කළ සේවිකාවක ද එම අවස්ථාවේදීම හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා රෝහල්
ගත කළ බව දඹුල්ල පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ එම වෙළෙඳසලේ සේවය කරන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණය සිදු වූ නිශ්චිත ආකාරයක් තවමත් අනාවරණය කරගෙන නැති බව පොලිසිය සඳහන් කරනවා.
දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පර්‍යේෂණ සිදු කරනවා.

කේ කේ ආරියදාස