මහ මැතිවරණය  පෙර සැලසුම් කළ පරිදි  අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අද (15) ප්‍රකාශ කළේ​ය.
සාර්ක් නායකයින්ගේ  විඩීයෝ සමුළුවේදී  ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
කොරෝනා අභියෝගය හමුවේ ඒ ඒ රටවල පැනනැගි තත්වයන් හා ඒවා සැලසුම් සහගතව විසඳාලීමේ ක්‍රම ගැන සාකච්ඡා කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් සාර්ක් රටවල නායකයින් එක්වී මෙම සමුළුව පැවැත්වූ අතර එහි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනපති ගෝඨාභයගේ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදු කළේය.
මහමැතිවරණය කල් යනු ඇති බවට මේ දිනවල රාවයක් පැවති අතර මැතිවරණ කොමසාරිස් වරයාගෙන්ද ඒ ගැන විමසීම් කර තිබුණි.
කෙසේ වෙතත් මේ වනවිට මහමැතිවරණයට අදාළ කටයුතු නොනවත්වා සිදුවෙමින් පවතින අතර ප්‍රචාරක වැඩසටහනේ පමණක් ප්‍රමාද කිරීම් සිදුව ඇත.
කොරෝනා ආසාදනය දැඩිව පවතින ප්‍රංශයේද මේ දිනවල පළාත් පාලන මැතිවරණයක් සූදානම් කර තිබෙන අතර එහි වෙනසක් කර නැත.