චීනය, ශ්‍රී ලංකාවේ නිරෝධායන ලැයිස්තුවෙන් නිදහස් කිරීමට ගත් තීරණය විද්‍යාත්මක සාධක මත පදනම්ව ගනු ලැබූ තීරණයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.


අද (12) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ චීන ජාතිකයකුගෙන් වෛරසය ආසාධනය වීමේ සම්භාවිතාව පහත වැටී තිබීම හේතුවෙන් චීනය නිරෝධායන ලැයිස්තුවට ඇතුලත් නොකළ බවයි.

කිසිඳු නිරෝධායනයකට යටත් නොවී චීන ජාතිකයින් 181 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ඊයේ (11) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.