බ්‍රිතාන්‍යයේ  ඔටුන්න හිමි චාල්ස් කුමරු කොරොනා වයිරස් පරීක්ෂාවෙන් ධනාත්මක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
71 හැවිරිදි රාජකීයයාට COVID-19 රෝගය වැළඳී ඇති බව ක්ලැරන්ස් හවුස් විසින් අද පෙරවරුවේ නිකුත්
කළ නිවේදනයකද දැක්වේ.

බීබීසී ස්කයි නිවුස් ඇතුළු ප්‍රධාන බ්‍රිතාන්‍ය මාධ්‍ය මෙම පුවත දැන් වාර්තා කර තිබේ.
 ඔහුට "මෘදු රෝග ලක්ෂණ" පෙන්නුම් කර ඇති බව හා "යහපත් සෞඛ්‍ය තත්වයක පවතී" යැයි එම නිවේදනයේ දක්වා තිබේ.
කැමිලා කුමරියට (72) ද මෙම පරීක්ෂාව සිදු කළ අතර ඇයට සෘණාත්මක වූ බවත් රජයේ හා වෛද්‍ය උපදෙස් අනුව චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං හුදකලා වී ප්‍රතිකාර ලබන බවත් දැක්වේ.
චාල්ස් කුමරු මේ මස මුලදී මොනාකෝ හි ඇල්බට් කුමරු හමුවී ඇති අතර පසුව ඇල්බට් කුමරුට වයිරසයට ධනාත්මක විය. 62 හැවිරිදි ඇල්බට් කුමරු ලන්ඩනයේ පැවති වෝටර් ඒඩ් උත්සවයකදී චාල්ස් කුමරු ඉදිරිපිට වාඩි වී සිටි බව කියැවේ. දින නවයකට පසු චාල්ස් කුමරුටද වෛරසය ධනාත්මක විය.