අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගිකඅධිකාරිය විසින් අද (25) දහවල් වටලනු ලැබුවා.



Kapruka නමැති එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත් ,රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත් ,රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි අකර ඇති බවද අධිකාරිය සන්ධාන කළා.


මෙම අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබෙනවා.

ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙනවා.