කොරෝනා වෛරසය වැළඳී ඇතිදැයි යන රසායන පරීක්ෂාව පිළිබඳ මින් ඉහත මෙරට පුද්ගලික අංශයේ
රෝහල්වලට පනවා තිබුණ

තහනම රජය මගින් අද ඉවත් කරන ලද්දේ කොන්දේසි සහිතවය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ එම කොන්දේසි අතර පහත ඒවා තිබෙන බවයි.
රොහලට බාහිරින් පැමිණ පරීක්ෂාව කරගෙන (ස්ක්‍රීනින් ටෙස්ට් ලෙස) යන්න නොහැකිය. ඇතුළත්වූ රෝගියෙකු විය යුතුය.
වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයට යටත් විය යුතුය.
පැය 24 ක් තුළ වාර්තාව ලබා දිය යුතුය.
උපරිම මිල රුපියල් 6000 ක් පමණි.
පරීක්ෂණ සිදු නොකරන පුද්ගලික රෝහල්වලට රෝගීන් ඇතුළත් කරගත හැකි බවත් ඉන් පසු රජයට 6000 ක් ගෙවා මෙම පරීක්ෂණය රජයෙන් කරගන්නට හැකි බවත් කීය.

මීට ඉහත ඩර්ඩන්ස් රෝහල  රුපියල් 12500 කටද ආසිරි රෝහල රුපියල් 17000 කටද මෙම පරීක්ෂණ සිදු කර තිබූ බව වාර්තාවූ අතර එයට විරෝධයක්ද එල්ලවී තිබුණි.