කොරෝනා රෝග ලක්ෂණ තිබෙන සැක රෝගීන් කිහිප දෙනෙකු හමුවීමත්, ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන රජය මගින් පාසල් නිවාඩු ලබාදීමත් හේතුවෙන් කලබලයට පත් ජනයා අද (12දා) වෙළෙඳ සැල් වලට
පැමිණ එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගැනීමට පෙළඹී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
කොළඹ හා තදාසන්න නගරවල මෙම තත්වය වැඩි වශයෙන් දිස් විය.
කොරෝනා රෝග පැතිරීම වැළැක්වීමට ලෝකයේ නගර ගණනාවක් අගුලුදැමීමේ ක්‍රියාදාමය අනුව යමින් ලංකාවේද එම තත්වය ඇතිවේ යන අදහසින් මෙම කලබලය හටගෙන තිබේ.

මේ හේතුවෙන් සුපිරි වෙළෙඳ සැල් තොග බඩු වෙළෙඳ සැල් වල පාරිභෝගිකයන් ගෙන් පිරී ඉතිරි පැවැති අයුරු දක්නට ලැබිණි.

පැමිණි බොහෝ පාරිභෝගිකයන් අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගැනීමට පෙළඹී හේතුවෙන් සුපිරි වෙළඳ සැල් වල රාක්ක ඉතා ඉක්මණින් හිස් වන අයුරු දක්නට ලැබුණු අත​ර භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ ඇතැයි වෙළෙඳ සැල් තුළ දී පාරිභෝගිකයන් අතර ගැටුම් සිදු වූ බව වාර්තාවේ.

රජය පෙන්වා දෙන්නේ රෝගය ලංකාව තුල වසංගතයක් දක්වා වර්ධනය වීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ලෙස පාසල් නිවාඩු දීම ආදිය සිදුකළ නමුත් කලබල වීමට කරුණක් නොවන බවයි.