අද සන්ධ්‍යා කාලයේ සිට කොළඹ
හා තදාසන්න නගරවල
සුපර්මාර්කට්ටු වල ජනතාව පිරී ඉතිරී ගොස් තිබීම අනවශ්‍ය තත්වයක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය කිසියම් ආරංචි හේතුවෙන් මේ ආකාරයට බියවී ඇති බවත් එවැනි බියක් ඇති කරගන්නට අවශ්‍ය වන්නේ නැති බවත් යුදහමුදාපතිවරයා දන්වා ඇත. රජයේ පාර්ශ්වයෙන් මෙම අවස්ථාවේ ජනතාව නේවාසික නිරෝධායනයකට ලක් කිරීමේ කිසිදු අදහසක් නැති බවත් ඔහු විශේෂයෙන් සඳහන් කර ඇත.
සුපිරි වෙළෙඳසැල්වල සීමාවන් ඉක්මවා සතිගණනකට සෑහෙන්න බඩු තොග රැගෙන යාමෙන් රටේ අනවශ්‍ය භාණ්ඩ හිගයක් මතුනොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී.