උණුසුම් දේශගුණයක් සහිත රටවලටද කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය සඳහන් කරන්නේ උණුසුම් දේශගුණයක් සහිත රටවලට වෛරසය ආසාදනය නොවන බවට අසත්‍ය පුවත්
පසුගිය දිනවල පැතිර ගිය බවයි.

නමුත් එම පුවත සම්පූර්ණ අසත්‍යක් බව නවතම සොයාගැනීම් වලින් තහවුරු වී ඇති බව එම සංවිධානය සඳහන් කර ඇත.
එමෙන්ම මත්පැන් භාවිතය මගින්ද කොරෝනා ආසාදනය වීම වළක්වා ගත හැකි බව ඇතැම්හු පෙන්වා දී  ඇති අතර
එයද සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ජලය පානය කිරීමෙන් වෛරසය ආසාදනය වීමෙන් වැළකිය හැකි බවට පවතින මතය මිත්‍යාවක් බව එම සංවිදානය පෙන්වා දී තිබේ.