රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන තාවකාලික වසා දමන්නට තීරණය කළ බව වෛද්‍ය අනිල් ජාසිංහ දන්වා සිටියේය. මේ බව පොලිසියට දැනුම් දී ඇති බවද ඔහු කීය.

රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු
ඇල්ලීමේ මධ්‍යස්ථාන දවසේ වැඩි කාලයක් මහජනතාව ඒක රාශී කරන ස්ථාන ලෙස හදුනාගත් බව දන්වා සිටියේය.
සංචාරක මගපෙන්වන්නන් සියල්ලට නිවෙස් වලට වී සිටින ලෙසද දන්වා සිටියේය.
මීට අමතරව මහජනතාවට චාරිකා හා විනෝද ගමන් යාම සම්පූර්ණයෙන්  තහනම් කර තිබෙන බව  සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කොරෝනා වෛරසය පිලිබද දැනුවත් කිරීමෙ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළාය.
කිසියම් පිරිසක් මෙම උපදෙස් කඩ කරමින් හැසිරෙන්නේ නම් මාර්ග බාධක වලදී ඔවුන් අල්ලා ගනු ඇති බවද දන්වා සිටියාය.