හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන මහත්වරුන් විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පාසල් සිසුන් 10 දෙනෙක්ට   කොරෝනා වයිරසය ආසාදනය  වී  ඇති බවට අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා කීම පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා පැවසීය.
රාජිත සේනාරත්න මහතා පසුගියදා කොළඹදී මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කියා සිටියේය.
මෙම  සිද්ධියට අදාල හඬපට පොලිස් මුලස්ථානය වෙත ලැබුණු   පැමිණිල්ලක් අනුව    පොලිස්පතිවරයා මෙම පරීක්ෂණ   අපරාධ විමර්ශන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නියමයෙන් යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මීට අමතරව කොරොනා ආසාදිතව සිටි 3 ක් මියගිය බවට කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව තුළ අනියත බියක් සහ කැලබීමක් ඇති වන ආකාරයෙන් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයක් ගැනද පරීක්ෂණයක් අරඹී ඇත.