සුගිය සතියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාත්මකව ඉහළයාමත් සමග දිවයිනේ තදාසන්න නගර වල සුපිරි වෙළෙඳසල් වල භාන්ඩ තොග විශාල වශයෙන් අලෙවි වූයේ ඉදිරි දිනවලදී රටේ නගර අගුලුදැමීමක් වියහැකිය යන සැකය මත
ජනතාවට භාණ්ඩ රැස්කිරීමේ උවමනාවක් පහළවීම නිසාය.
මේ අතර ඉන්ධන හිගයක් මතුව ඇති බවටත් කල් ඇතිව පෙට්‍රල් ඩීසල් වාහන වලට ගසාගන්නා ලෙසටත් ෆේස් බුක් එස්එම්එස් හා වට්ස්ඇප් පණිවිඩ හුවමාරුවූ අතර මේ හේතුවෙන් විශාල වශයෙන් වාහන පෝලිම් වලින් පැමිණ ඉන්ධන හල්වලින් ඉන්ධන ලබාගනු වාර්තා විය. ඇතැම් ඉන්ධන අලෙවි හල්වල ඉන්ධන අවසන් විය.
මේ ගැන රජය දන්වා සිටියේ මෙම භාණ්ඩ හා ඉන්ධන හිගයේ කතාව කෘත්‍රීමව මවා පාන ලද්දක් බවයි.
ඉන්ධන හිගයට පසුබිමේ සිට  ඇත්තේ ඉන්ධන අලෙවි කරුවන්ම බව මේ වනවිට වාර්තාවී තිබේ.

බොර තෙල් මිල ලෝක වෙළෙදපොලේ අඩුවීම හේතුවෙන් හා මහමැතිවරණය ආසන්න වීම නිසා ඉදිරි දිනවල ඉන්ධන මිල පහත හෙලීමේ ප්‍රවණතාවක් පැවතිීම නිසා ඉන්ධන අලෙවිකරුවන්ට සිය තොග අවසන් කරගැනීමේ උවමනාවක් පහළවී ඇති අතර ඒ සඳහා මෙම ප්‍රචාරය දියත් කර ඇත.

සුපිරි වෙළෙඳසල් වලට ආ සෙනග දැක ගැනීමෙන් පසු මෙම ව්‍යාජ ප්‍රචාරයටද 'පණක්' දිය හැකි බව ඔවුන් කල්පණා කර ඇත. මෙම කොරෝනා බිය රැල්ල නිසා සුපිරි වෙළෙඳසල්වල භාණ්ඩද විශාල වශයෙන් අවසන් වූ අතර මාස දෙක තුනක ආදායම ඔවුනට දින දෙක තුනක් තුළ උපයාගන්නට හැකි විය.
කෙසේ වෙතත් ගෙවුණ සතිඅන්තයේ සුපිරි වෙළෙඳ සල් පිළිබඳ කළ නිරීක්ෂණ අනුව භාණ්ඩ තොග අවසන් වීමක් නොමැතිවී ඇති බව තහවුරු විය. එසේම ඉන්ධන හල්වල ඉන්ධනද පහසුවෙන් ලබාගන්නට හැකියාව තවම තිබේ.අලුත්ම උපාය ලොකුළූණු හිගයයි. එයද තොග සැගවීමේ ප්‍රතිඵලයක් බව අද උදෑසන මාතලෙන් වාර්තාවී තිබේ.
මේ සියලු කතා 'කලදුටු කල වළ ඉහ ගන්නා' වෙළෙඳ උපායන් බව ඒ අනුව පෙනී ගොස් තිබේ.