කොරෝනා ආසාදිතයින් ඉහළ මට්ටමකට පැමිණ තිබෙන මෙම අවස්ථාවේ දිවයින පුරා ඔසුසල්වල හා සුපිරි වෙළෙදහල් වල  මුඛ ආවරණ
හා ක්ෂණික අත්පිරිසිඳු කිරීම් දියර හිඟයක් මතුව තිබේ. ඇතැම් තැනක අලෙවියට තිබුණද ඒවා අධික මිල බව පැවසේ. පැළදිය යුතු මුඛ ආවරණ පිලිබද සාමාන්‍ය ජනතාවට නිසි අදහසක් නොමැති බවද වාර්තාවන අතර කොරෝනා බිය පැතිර ගිය මුල් අවස්ථාවේම රජය මගින් ඒවා
අවශ්‍ය නැති බවට දැන්වූ ප්‍රචාරය නිස මුඛ ආවරණ පැළදීම රැල්ලක් ලෙස පැවතී නැති විය.
කෙසේ වෙතත් විදෙස් ගතව සිට ලංකාවට ආ ශ්‍රී ලාංකිකයින් ඔස්සේ කොරෝනා පැතිරීමේ අවදානම ඉහළ නිසා ප්‍රජාව ඇසුරේ කොරෝනා වෛරස පැතිරයාමේ සම්භාවිතාව තවමත් ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
මේ සදහා පිළිවෙත් ලෙස මුඛ ආවරණ හා ක්ෂණික අත් පිරිසිදු කිරීමේ දියර භාවිතයට ගන්නට උපදෙස් දී ඇත.
නමුත් ඩල්ලුමට සරිලන සැපයුමක් නැති බව වෙළෙඳ පොල ආරංචි පෙන්වාදී තිබේ.