අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී ඇමති බන්දුල ගුණවර්ධන කොරෝනාවෙන් පාඩු ලබන බිස්නස්වලට රජයෙන් ආර්ථික පැකේජයක් හදුන්වාදී ඇති බව කීය. එයට අනුව
පහත කරුනු දැක්වීය.

ඖෂධ හිගය නැවතීමට හිග ඖෂධ බිල්පත් ගෙවීමට බිලියන 10 ක් සැපයුම් කරුවන් සඳහා වෙන් කිරීම.

පොහොර ආනයන කරුවන්ගේ බිල්පත් ගෙවීමට රුපියල් බිලියන 3 ක් වෙන් කිරීම
සුළු හා මාධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට හිඟමුදල් ගෙවීමට රුපියල් බිලියන 5 ක් වෙන්කිරීම
කුඩා තේ වතු හිමියන්ට වියලි කාලගුණයෙන් සිදුවූ පාඩුව වෙනුවෙන් රුපියල් බිලියන 3 ක් වෙන්කිරීමට පියවර ගෙන තිබෙයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී සහනාධාරය ගෙවීමට රුපියල් බිලියන 46 ක් බැංකු වලට ගෙවා දැමීමටද
ඡන්දය හොදින් පවත්වා ගැනීමට මැතිවරණ කොමිසමට බිලියන 8 ක් ගෙවා දැමීමටද තීරණය කර තිබේ.
කුඩා තේවතු හිමි පවුල් ලක්ෂ 2 කට සහනයක් සැලසීමට රුපියල් බිලියන 3 ක් වෙන් කර තිබේ.
මේ කාලයේ විශාල ලෙස පාඩු ලබන ක්ෂේත්‍ර 5ක් වන සංචාරක, රෙදිපිළි ඇඟලුම්, විදේශ සේවා නියුක්තිකයන්,තොරතුරු තාක්ෂණය, සුළු පරිමාණ ව්‍යවසායකයන් හදුනාගෙන ඔවුන් සදහා සහන සලසා ඇති බවත් දැන්වීය.
මාස 6 ක් ණය නොගෙවා සිටීමට, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සදහා සියයට 4 පොලියට ණය ලබාදීම ඇතුළු සහන ලබාදෙන බව කීය.
මෙම පිරිවැය දැරීම සඳහා ජනපති විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය ලබාදී ඇති බවත් මැතිවරණ සමයේ කියා බාධාවක් නැති බවත් දැන්වීය.