අතුරුලියේ රතන හිමි, ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ගිහි පැවිදි පිරිසක් ඉදිරි මහ මැතිවරණය සඳහා අපේ ජල බල පක්ෂය යටතේ තරග කිරීමට ඊයේ (18 වැනිදා) නාමයෝජනා අත්සන් තැබූහ.

අතුරලියේ රතන හිමියන් ගම්පහ දිස්ත්‍රික්කයට ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයටද, අක්මීමණ දයාරත්න හිමියන් කොළඹ දිස්ත්‍රික්කයටද, වියන්විල සාසනරතන හිමියන් මහනුවර දිස්ත්‍රික්කයටද තරග කරන අතර තවත් භික්ෂූන් වහන්සේලා කිහිප දෙනකු අනෙකුත්
දිස්ත්‍රික්කවලින් තරග කිරීම සඳහා ඊයේ (18 වැනිදා) නාමයෝජනා අත්සන් කළ බව අක්මීමණ දයාරත්න හිමියෝ පැවසූහ.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවන් කුමාරතුංග, ගාමිණී තිලකසිරි, ප්‍රසන්න සෝලංග ආරච්චි, ඇතුළු කිහිප දෙනෙක්ද වියත්මග සංවිධානයේ පිරිසක්ද අපේ ජන බල පක්ෂය යටතේ නාමයෝජනා අත්සන් කළ බව උන්වහන්සේ පැවසූහ.

අපේ ජන බල පක්ෂයේ ලකුණ ධජය (කොඩිය) වේ.

අජිත් අලහකෝන්