ඉතාලියේ සිට පැමිණ නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවක් කොරෝනා රෝග වෛරසය වැලදි ඇති බවට සැක සහිතව නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම කාන්තාව (17) දින
මහනුවර ශික්ෂන රෝහල වෙත මාරු කර යැවු බව නුවරඑලිය මුලස්ථාන පොලිසිය පැවසිය.

එක්දරු මව සිය දරුවා සමග ඉකුත් 9 දින ඉතාලියේ සිට දිවයිනට පැමිණ ඇය පදිංචි නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයේ පදිංචිව සිටින බවට නුවරඑලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත පොලිසිය විසින් එම කාන්තාව නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

එම කාන්තාවගේ සැමියා රෝමයේ රැකියාවේ නිතරව සිටින බවත්, එම කාන්තාවගේ පවුලේ ඥාතින්ගේ සෞඛ්‍යය තත්ත්වය පිලිබදව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් සොයා බැලිමක් සිදු කරන බවයි නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේය.

(හැටන් රංජිත් රාජපක්ෂ)