අද දින කටුනායක ගුවන් තොටුපළ වසා දැමුණ බවට රජය කළ නිවේදනය ප්‍රකාරව සම්පූර්ණයෙන්ම
කටුනායක වැඩ කටයුතු
ඇණහිටීමක් සිදු නොවන බව කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා දන්වා සිටියේය.
ඒ අනුව 31 වනදා දක්වා නතර වන්නේ ලංකාවට මගීන් ඇතුළුවන ගුවන් යානා ගොඩබැම පමණි. වෙනත් රටවලට ගමන් කරන ට්‍රාන්සිට් මගීන් රැගෙන එන යානා පැමිණෙන බවත් ලංකාවෙන් පිටතට යන යානා ගමන් කරන බවත් ඔහු දන්වා සිටියේය.
වාර්තාවන ආකාරයට ලංකාවට මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා නතරවීම සිදුවන්නේ අද නොව හෙට (18) සිටය.