කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ අද (16) දිනයේ දී වසා දමා ඇතැයි කටකතා පැතිර ගිය නමුත් එම කතාවේ සත්‍යතාවයක් නොමැති බව ගුවන්තොටුපොළ සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල්
ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පවසයි.
මෙම කටකතාවට මුල වන්නට ඇත්තේ අද දින ගුවන් තොටුපළ පරිශ්‍රය විෂබීජ හරණය කිරීම වෙනුවෙන් ටික වේලාවකට ජනතාව ඉවත්කිරීම නිසා විය හැකි බව ඔහු දැන්වීය.  ගුව්න තොටුපළේ නිලධාරියෙකුට කොරෝනා වැළදී ඇති සැකයට මේ වනවිට රෝහල් ගත කර ඇති අතර ඔහුව පරීක්ෂාවට ලක්වන අතරවාරයේ සෙසු නිලධාරීන්ගේ සැකය දුරුකිරීම මෙන්ම මගීන්ගේ ආරක්ෂාව අරමුණ කරගෙන විශේෂ නිරෝධායන කටයුත්ත සිදුකළ බව සභාපති වරයා දන්වා සිටියේය.
ගුවන් හමුදාව මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළ බවද ඔහු කීය.