සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ලිස්බන් හි පවතින හෝටලයක් කොරෝනා නිරෝධයනය සදහා පරීත්‍යාග කර ඇති බවට පළවන අන්තර්ජාල වාර්තාව ගැන එම හෝටලයේ කාර්ය මණ්ඩලය විමතිය පළ කර
ඇති අතර එවැනි කිසිදු සැලසුමක් පිළිබඳව තමන් නොදන්නා බවට නිවේදනයක් නිකුත් කර තිබේ.
ස්පාඤ්ඤයේ පළවූ මෙම මාධ්‍ය වාර්තාව

කියා සිටියේ කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රොනාල්ඩෝගේ හෝටලය රෝහලක් බවට පරිවර්තනය කරන බවයි.
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ගැන මින් පෙර පළවූ වාර්තාවකින් කියැවුනේ ඔහු කොරෝනා සඳහා ස්වයං නිරෝදායනයක නිරතවූ බවටය.

 ඔහු මැඩෙයිරා නගරයෙහි නිරෝධායනයක යෙදී ඇත්තේ ඔහුගේ ජුවෙන්ටස් කණ්ඩායමේ සාමාජිකයෙකු වෛරසයටධනාත්මක බව තහවුරු කිරීමෙන් පසුවය

පෘතුගීසි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ එක් හෝටලයක් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා නිරෝධායන ස්ථානයක් බවට පරිවර්තනය කර ඇති බවට වර්තා පළ වූයේ ඉන් පසුව වන අතර දැන් එම වාර්තා අදාළ හෝටලය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.
රොනාල්ඩෝට හෝටල් දෙකක් තිබෙන අතර සිය හෝටල් දෙකෙන් එකක් රෝහල් බවට පත් කරවන බව එකි ව්‍යාජ ආරංචියෙන් විස්තර කර තිබුණි.

"අපි හෝටලයක්. අපි රෝහලක් වෙන්න යන්නේ නැහැ.  මෙක ගැන අහලා පුවත්පත් මගින් දුරකථන ඇමතුම් දිගටම ලැබෙනවා. අපි හැමෝටම සුවය පතනවා. ඒත් මේ කතාව බොරුවක්' හෝටල් කළමනාකරු පවසා තිබේ.
පෘතුගාලයේ මේ දක්වා‍ කොරෝනා වයිරස් රෝගීන් 200 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.