චීනයේ කොරෝනා වෛරසය සාර්ථක ලෙස මැඩපැවැත්වී ඇති බව මේ වනවිට තහවුරුවූ ආරංචියකි. ඒ අතරවාරයේ විදෙස් වාර්තා මගින් හෙළි කර ඇත්තේ විවාහක ජෝඩු අතර දික්කසාද වීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවකි.

ඊට හේතුව දැන් කොරෝනා
වයිරසය නිසා පසුගිය කාලයේ ඇතිවූ ජීවන රටාවේ වෙනස්කමක් බව වාර්තා කර තිබේ.
 චීනයේ චිචුවාන් පළාතේ යුවළ 300 කට වැඩි පිරිසක් මාසයක් තුළ දික්කසාද වීමට ඉල්ලුම් කර තිබේ. මාධ්‍ය වාර්තාවලට අනුව, කොරොනා වෛරසය හේතුවෙන් බොහෝ අය නිවාසවල සිරගතව වෙනදාට වැඩි කාලයක් සිටීම හේතුවෙන් ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර ආරවුල් වැඩිවීම සහ ආදායම අහිමිවී ආර්ථික ප්‍රශ්න මතුවීම එයට හේතුවයි. අවසානයේ මෙම තත්වය  ඔවුන් අතර දික්කසාද ඇතිවීමට හේතු වී තිබේ.

ඩෂෝ ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර් කළමණාකරු ලූ ෂිජුන් පවසා ඇත්තේ සිය ගණනක් යුවළ තම විවාහය බිඳ දැමීමට සලකා බලා ඉල්ලීම් කර ඇති බවයි. දික්කසාදය සඳහා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් මේ වන විට ගොනු කර ඇති බවත් ස්වාමිපුරුෂයා සහ භාර්යාව නිවසේ රැඳී සිටීම නිසා දික්කසාද වන අයගේ සංඛ්‍යාව බොහෝ විට වැඩි වන්නේ ඔවුන් වැඩි කාලයක් එකට ගත කර නොයෙකුත් දේවල් සම්බන්ධයෙන් වාද විවාද ඇතිකරගැනීමෙන් මෙන්ම පසුගිය කාලයේ ආදායම් මාර්ග අහිමිව යාමෙන් පවුල් ආර්ථිකය කඩාවැටීමේ විවිධ හේතූන් නිසා විය හැකි බවට ලූ ෂිජුන් පවසා ඇත.