කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ලංකාව තුළ පළමු මරණය වාර්තා වී ඇති මෙම කණගාටුදායි අවස්ථාවේ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ විශේෂත්වයක් පවතින නිසා ඒ ගැන කරුණු දැක්වීමට මෙම සටහන ලියා තබමු. රෝහලක සිටියදී රෝගියෙකු මියගියහොත් අනුගමනය කළ යුතු සම්මත ක්‍රියා පටිපාටිය පිළිබඳ රට පුරා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත
මරණය සිදුවන ආකාර 4 ක් අනුව වෙන් වෙන්ව උපදෙස් සපයා ඇත.

එම ක්‍රියාපටිපාටියට අනුව මියයන රෝගීන් සියලු දෙනා ඔවුන්ගේ ආගමිකත්වය මත චාරිත්‍ර නොසලකා  හරින අතර විෂබීජ සංසරණය නවතාලීමට ඇවැසි කියාමාර්ග මත අවසන් කටයුතු සිදුවේ. සියලු දෙනාගේ දේහයන් පැය 24 ක් තුළ අවසන් කටයුතු කරනු ලැබේ. හැකිනම් පැය 12 ක් තුළ සිදු කරන ලෙසද දන්වා ඇත)
අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත දන්වා ඇත්තේ දැඩි

සත්කාර ඒකකයක හෝ ඒ සඳහා වෙන් කර ඇති විශේෂ ඒකකයක මරණය සිදුවන බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් අනවශ්‍ය බවයි.

එම ක්‍රියා පටිපාටියට අනුව පවුලේ සාමාජිකයින්ට දේහය බැලීමට සීමිත කාලයක් ලබා දෙන අතර එය සිදුවිය යුත්තේ රෝහල් පරිශ්‍රය තුළ පමණක් වන අතර ඥාතීන්ට ආරක්‍ෂිත ඇඳුම් ලබාදිය යුතු වේ. ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය අයගේ මුහුණ පමණි. ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන බවද පවසයි.ඉන්පසු දේහය අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට භාර දිය යුතුය.

මෙම ක්‍රියාවලිය අවමංගල්‍ය සේවා සපයන පුද්ගලයන්ට වයිරසය පැතිරිය හැකි බැවින් එම්බාම් කිරීම සපුරා තහනම්ය.
කොරෝනා මරණ සිදුවුවහොත් ඇතුළු කිරීම සඳහා විශේෂිත මලු පසුගිය දිනවල ලංකාවට එවා තිබූ බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණි.

අවමංගල්‍ය සේවාවල කාර්යභාරය වන්නේ සිරුර වහාම මල්ලට දමා මිනී පෙට්ටියක තබා මිනීපෙට්ටිය මුද්‍රා තැබීමයි. මුද්‍රා කළ මිනිය නැවත බැලීමට අවස්ථාවක් නොලැබේ. පසුව පූර්වයෙන් නිශ්චය කළ ස්ථානයකදී
දේහය පුළුස්සා දමන අතර අළු කොටස් ආරක්ෂිතව වළ දමනු ලබයි.
අදාළ නිර්දේශ වැඩි විස්තර සහිත සටහන පහතින්