අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි  බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග සදහන් කරයි.
   

පියා සහ දියණිය එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද දින (28) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබීය.

මේ වන විට බණ්ඩාරගම සෞබ්‍ය වෛද්‍ය සේවා බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින් 7 දෙනෙකු වාර්තා වන අතර කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ප්‍රමාණය 17 දෙනෙකි.

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඡායාරූප අනුග්‍රහය -lankadeepa.lk