මරිකාවේ නිව්ජර්සිහි කාන්තාවක සමග සම ලිංගික විවාහයක් සිදු කරගෙන තිබූ ශ්‍රී ලාංකික කාන්තාවක ඇයට එරෙහි ඇමරිකානු අධිකරණයේ ගොනු කළ අපයෝජන නඩුවක තීන්දුව පසුගිය සතියේ ප්‍රකාශයට පත්වූ අතර එහිදී ඇමරිකානු කාන්තාව වරදකාරිය බවට පත්වූ අතර
වසර 5 මාස 10 අත්හිටවූ සිර දඩුවමක් හා ඩොලර් මිලියන 1.2 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබේ.
ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට සිද්ධිය මෙසේය.
මීට දශකයකට එපිට කාලයේ

ජෝර්දානයේ සිට ඇමරිකාවට සංක්‍රමණයවී නිව් ජර්සි හි වාසය කළ බව කියන අල්-හුනෙයිටි නමැති මෙම කාන්තාව ඇගේ විවාහය අසාර්ථකවී දරුවන් සමග තනිවී ඇත.
පසුව ජෝර්දානයේ ඇගේ දෙමාපියන්ගේ ආවතේව කරමින් සිටි ශ්‍රී ලාංකික මෙහෙකාර කාන්තාව ඇමරිකාවට ගෙන්වාගෙන තිබෙන බව පැවසේ.
අනතුරුව ඇයව සිය දරුවන් බලා කියාගන්නා රැකියාවට යොමු කර ඇත. ශ්‍රී ලාංකික කාන්තාවට මසකට ඩොලර් 150 බැගින් පොරොන්දු වූ වැටුප මුලදී ගෙවා ඇතත් ටික කලකින් එය ගෙවීමට අල්-හුනෙයිටි අපොහොසත් විය.  ඇයව ඇමරිකාවට ගෙන්වාගෙන තිබුනේ තාවකාලික වීසා බලපත්‍රයකිනි. එය කල් ඉකුත්වීම නිසා ස්ථිර වීසා ලබාගැනීමේ උපායක් ලෙස  අල්-හුනෙයිටි යෝජනා කර ඇත්තේ සමලිංගික විවාහයක් ලියාපදිංචි කර වීසා ස්ථාවර කරගනිමුය යන්නයි. මෙම ක්‍රමයට ශ්‍රී ලාංකික කාන්තාව එකඟ වී තිබේ.

මෙම විවාහයෙන් පසු ඇයට අයිති නිවාස දෙකක ඇය සමඟ තනිවම ජීවත් වීමට ඇයට බල කෙරුනි. ගෙදර වැඩ සහ ඇගේ දරුවන් තිදෙනා බලා ගැනීම ශ්‍රී ලාංකික කාන්තාවගේ දින චරියාවට ඇතුළත් කර තිබූ අතර විවාහක තත්වය දඩමීමා කරගෙන වැටුප් ගෙවීමක් සිදු වූයේ නැත. නිවසින් පිටතට යාම සීමා කර දැඩි තහනම් නියෝගද ක්‍රියාත්මකවී තිබේ.

අවම වශයෙන් අවස්ථා දෙකකදී අල්-හුනයිටි වින්දිතයාට පහර දී ඇති බවද අධිකරණයේදී හෙළි විය. ‘තද ඇඳුම්’ ඇඳීමට ශ්‍රී ලාංකික කාන්තාවට බල කර තිබූ අතර පහරදීම් සිදුව ඇත්තේ එයට අකමැති වූ බැවිනි.
ශ්‍රී ලාංකික කාන්තාව බාහිර ලෝකය සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය සීමිත වූ අතර, අධීක්‍ෂණයෙන් තොරව නිවසින් පිටව යාමට ඉඩ දුන්නේ ළමයින් පාසල් බස් නැවතුම්පොළට හා ඉන් පිටතට ගෙන යාම සඳහා පමණි. ඇයට තමාගේම කාමරයක් ලබා නොදී මුළුතැන්ගෙයෙහි තබා ඇති ඇඳක් මත නිදාගන්නට දුන් බව අධිකරණ වාර්තාවේ සඳහන් කර තිබේ.
මේ ආකාරයට

වසර 10 ක් තිස්සේ ඇයට දුකසේ කාලය ගත කරන්නට සිදුව ඇත්තේ විකල්පයකට යාමට ඉඩක් නොතබමිනි.
 තමා සමග සමලිංගික විවාහයකට අවතීර්ණ වී දශකයකට ආසන්න කාලයක් වැටුප් රහිතව ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරන්නට සැලැස්වීම තුළින් මූලික මානව අයිතිවාසිකම් කඩ කිරීමක් සිදුව ඇති නිසා ඇයට අධිකරණයේ පිහිට පැතීමට සිදුවිය.

එක්සත් ජනපද කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිතයින්, නිව්යෝක් කලාපයේ පොලිස්පති කාර්යාලය, විශේෂ වගකීම් භාර මයිකල් සී. මිකුල්කාගේ මඟ පෙන්වීම යටතේ විමර්ශනයක් සිදුවීමෙන් පසු මෙම නඩුව ගොනු විය.
ආගමන නීති මගහැරීම සහ පුද්ගලික මූල්‍ය වාසි තකා 2009 ජූලි සිට 2018 සැප්තැම්බර් දක්වා නීතිවිරෝධී ලෙස වින්දිතයා සමඟ වංචනික විවාහයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් අල් හුනයිටිට 2018 අප්‍රේල් මාසයේදී අධිචෝදනා ගොනු කරන ලද අතර  බරපතළ ශාරීරික හානියක් තර්ජනය කරමින් ශ්‍රී ලාංකික කාන්තාවට වැඩ කිරීමට බල කිරීම සම්බන්ධයෙන් ද ඇයට එරෙහිව චෝදනා එල්ල විය. පසුගිය වසර 2 තිස්සේ නඩුව විභාග විය.

විත්තිකාරිය වසර ගණනාවක් තිස්සේ වින්දිතයාගේ වාසිය ලබා ගත් බවත් ඇයට දුෂ්කර තත්වයන් යටතේ ජීවත් වීමට සලස්වා, වැටුප් රහිතව වැඩ කිරීමට හා පසුව අපයෝජන චක්‍රය දිගටම කරගෙන යාම සඳහා වංචනික විවාහයකට අවතීර්ණ වීමට බල කර තිබූ බවත් සහකාර නීතිපති එරික් ඩ්‍රෙබෑන්ඩ් අධිකරණයේදී පැවසීය.
සමලිංගික විවාහයක යෙදී සිටි 44 හැවිරිදි  ආලියා ඉමාඩ් ෆලේහ් අල් හුනයිටි නොහොත් අලියා අල් කටර්නා
නමැති නිව් ජර්සි කාන්තාවට වසර පහක සහ මාස 10 ක සිර දඩුවමක් (මාර්තු 10 සිට) නියම කළ අතර  වසර තුනක අධීක්ෂණ නිදහස් කිරීමකට ද  ඩොලර් මිලියන 1.2 ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.