ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් කාමර 81 කින් යුත් සිනමන් හෝටල් ජාලයට අයත්  නැගෙන හිර පළාතේ පිහිටි ට්‍රින්කෝ බ්ලූ  හෝටලය අවශ්‍යතාවය මත නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස
ලබාදීමට ඉදිරිපත් වීතිබේ.

රට තුළ නව කොරෝනා පැතිරීම අවම කිරීම සඳහා වන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුළුල් සහයෝගීතාවයේ කොටසක් ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් ජේකේඑච් සභාපති ක්‍රිෂාන් බලේන්ද්‍ර මහතා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

නිරෝධායන කටයුතු සඳහා හෝටල් තාවකාලිකව මුදා හැරීමට කැමැත්ත ප්‍රකාශ කළ තුන්වන සමාගම බවට ජේ.කේ.එච්. ඒ අනුව පත්වේ. මීට පෙර හේමාස් හෝල්ඩිංග්ස් කාමර 154 කින් යුත් ක්ලබ් හෝටල් ඩොල්ෆින් ලබාදීමටද  සිට්රස් ලෙෂර් විසින් වස්කඩුවේ කාමර 150 කින් යුත් සිට්රස්

නිවාඩු නිකේතනය එම අරමුණ සඳහා ලබා දෙන්නට කැමැත්ත දුන්නේය.
කෙසේ වෙතත් මෙම හෝටල නොමිලයේ ලබාදෙන බවක් සදහන් වන්නේ නැති අතර රජය භාවිතයට ගැනීමේදී අදාළ වියදම රජයෙන් අයකරනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය ඇදිරි නීතිය  හා ගුවන් තොටුපල වැසීම නිසා හෝටල සියල්ල අකර්මන්‍ය වී තිබේ.