අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් පසු රෝහල්ගත කළ තවත් රැඳවියෙක් වෙඩි වැදීම නිසා මියගිය බව රෝහල් අධ්‍යක්ෂවරයා තහවුරු කර තිබේ. සිද්ධියෙන් මියගිය ගණන දෙදෙනෙක් වන අතර තවත් සිව්දෙනෙක් මේ වනවිට
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් අධ්‍යක්ෂවරයා දන්වා සිටියේය.
8 pm
මඳ වේලාවකට පෙර අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීමකින් බන්ධනාගාර රැඳවියන් එක් අයෙකු මියගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ.
කොරොන වයිරස් තර්ජනය තිබෙන නිසා සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා
අනුරාධපුර සිරකරුවන් විරෝධතාවක් දියත් කර තිබුණි.
7.20pm
අනුරාධපුර බන්ධනාගාරය තුළ රැදවියන් නොසන්සුන්කාරි ලෙස හැසිරිමත් සමඟ එහි යම් කලබල තත්වයක් සිදුවූ අතර විරෝධතාකරුවන් බන්ධනාගාරය තුළ යම් ගින්නක්ද ඇති වි ඇති අතර එය මැඩපැවැත්විමට ගිනි නිවන හමුදාව ඇතුළු අදාළ අංශ පියවර ගෙන ඇත. මේ වන විට එය පාලනය කිරිම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබෙයි.
