කෙරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමේ රජයේ ක්‍රියාවලියට සහාය දක්වමින් ඊට අදාළ
අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් වෙනුවෙන් ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් කෝටි 7 පිරිනැමීමට තීරණය කර ඇත.

ඒ අනුව සිය පෞද්ගලික ධන පරිත්‍යාග යටතේ. කොළඹ අයි.ඩී.එච් රෝහලේ වැඩිහිටි සහ කුඩා ළමුන් සඳහා අවශ්‍ය  රෝහල් ඇඳන් 485ක් ,  එහි දැඩි සත්කාර ඒකකය සඳහා ඇඳන් 169 ක් සහ දැඩි සත්කාර ඒකකයේ ස්වසන ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වෙන්ටිලයිසර් උපකරණ 6 ක් ද ලබා දෙන බව දන්වා ඇත.