අද දින ප්‍රකාශයට පත්වූ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත 22 වැනි රෝගියා ලෙස නම් කරනු ලැබුවේ කරාපිටියේදී ධනාත්මකවූ ගාල්ලෙ දඩැල්ල ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මෙම වැඩිහිටි පුද්ගලයාට
කොරෝනා වැළඳුණ ආකාරය ගැන සිදු කරන පරීක්ෂණයේදී  කොරෝනා වැළෙඳෙන්නට සෘජු ඉඩක් හදුනාගන්නට ලැබී නැත.
කෙසේ වෙතත් මොහුගේ පුතා ඉතාලියෙ සිට පැමිණි හලාවත පදිංචිව සිටි නිරෝධායනය නොවූ කෙනෙක් ලෙස වාර්තා වෙයි.
තම පුතු බලන්නට ගාල්ලේ

සිට හලාවත පුතුගේ නිවසට ගොස් තිබූ ඔහු දින 2ක් එහි නවාතැන් ගත් බවද විස්තර කර තිබේ. නමුත් පුතුට කොරෝනා ලක්ෂණ ඒ වනවිට පහළවී තිබුනේ නැති බව පැවසේ. නමුත් පුතාට පෙර පියාට කොරෝනා ලක්ෂණ පහළවී ඇත. මෙම සංසිද්ධිය ප්‍රතිශක්තිකරණය මත රදා පැවතියාද යන්න සොයා බැලිය යුත්තකි.

කෙසේ වෙතත් මේ වනවිට මේ කියන පියාගේ පුතුද අයිඩීඑච් රෝහලේ කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර තවම ප්‍රතිඵලය පිටවී නැත.

මෙම සංසිද්ධිය සමග කොරෝනා සහිතව ඉතාලියේ සිට පුතු පැමිණෙන්නට ඇති බවත් ඔහු රෝග ලක්ෂණ පෙන්වන්නට පෙර ලංකාවේ ගමන් කළ තැන් ගැන විමසීමක් සිදු කළ යුතු බවත් පෙනී යයි.
එසේම පුතුගෙන් රෝග බීජ ලබාගත් පියා අනතුරුව ගාල්ලේදී ගමන් කළ ස්ථාන ගැනද තොරතුරු සොයාගැනීම වැදගත්වේ.