ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු නිලධාරියෙකුට (First Officer) කොරෝනා වැළඳී ඇතැයි තහවුරුවී තිබේ.
ඒ හේතුවෙන් ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට
ස්වයං නිරෝධායනයට ලක්වන්නැයි දැනුම්දී ඇත.

 එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දුන් බව මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර තිබේ.
අදාළ පළමු නිලධාරියා විසින් සිය අවසන්  ගුවන් ගමන සිංගප්පූරුවට 2020 පෙබරවාරි 28 වන දින මෙහෙයවා ඇති අතර ඉන් පසුව ඔහු ක්‍රියාත්මක කළ සියලුම ගුවන් ගමන් ආපසු හැරවීමේ ගුවන් ගමන් බව සමාගම දන්වා ඇත.  ඔහු සති අන්තයේ (2020 මාර්තු 14,15) සිමියුලේටර් පුහුණුවෙහි සිට ඇති අතර ඒ ගැන උපදේශකවරුන්ට සහ සෙසු කාර්ය මණ්ඩලයට දන්වා ඇත.

මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව සිටින ගුවන් නියමුවා කොළඹ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදී සිසුවෙක් වන අතර ඔහු පසුගිය සති අන්තයේ පැවති රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් මහ තරගය නැරඹීමට ද ගොස් ඇත.
එම නිසා එම විද්‍යාලයේ ආදී සිසුවෙක් විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය වැළදී ඇති එම ආදී සිසුවා සමග එකට සිටි අනෙක් පිරිසටද නිවෙස් වලටවී ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි.