තාලිය ඇතුළු විදේශ රටවල සිට පැමිණ පුත්තලම අවට ප්‍රදේශවල පදිංචි පවුල් හැටකට නිවෙස්වලින් පිටවිම සෞඛ්‍ය බලධාරින් විසින් තහනම් කරනු ලැබ ඇත.එම පවුල්වල සාමාජිකයන් නිවෙස්වලින් පිටවීම වළක්වමින්
අධිකරණ නියෝගයක් පවා ලබාගෙන ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවැසීය.
මේ පිරිස් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් ගණන් නොගෙන නිදැල්ලේ එහාමෙහා ගමන් කර ඇතැ කියන අතර සෞඛ්‍ය බලධාරින්ට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට සිදු වී ඇත්තේ මේ තත්වය වළක්වා ගැනීමට සඳහාය,

මේ අතර ඉතාලිය ඇතුළු රටවලින් මෑත දී පැමිණි 600කට අධික පිරිසක්

මේ වනවිට වෙන්නප්පුව හා ඒ අවට ප්‍රදේශවල ජීවත්වන බවත් මේ පිරිස් ද නිසි ලෙස නිරෝධායනය වී නැති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය. මේ පිරිසට ද සිය නිවෙස්වලම රැඳී සිටින්නැයි උපදෙස් දී තිබෙන බව කී බණ්ඩාර මහතා ඒ අයට ආහාර සලාක ඇතුළු පහසුකම් අවශ්‍ය නම් ලබාදීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය. මේ සියලුම පවුල්වල දුරකතන අංක ලබාගන්නැයි ග්‍රාම නිලධාරින්ට දැනටමත් උපදෙස් දී තිබෙන බව ද ඔහු කීය.

ඉතාලියෙන් පැමිණි පුත්තලම හා ඒ අවට ප්‍රදේශවල බොහෝ පිරිස් පසුගිය දිනවල සිය නිවෙස්වල පිටස්තර අය ද කැඳවමින් විවිධ සාද පවත්වා තිබූ බවට ද
තොරතුරු හෙළි වී ඇතැයි කියත සෞඛ්‍ය බලධාරීහු එසේ සාද සංවිධාන කිරිම තාවකාලිකව අත්හිටුවන්නැයි ඔවුන්ට උපදෙස් දුන් බව ද ප්‍රකාශ කරති.
පුත්තලම අවට ප්‍රදේශයකින් ඉකුත් දා හමු වූ කොරෝනා රෝගියා සමග පවුල් හතරකට සාමාජිකයන් කිට්ටු සබඳතා පවත්වා තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවත් සෞඛ්‍ය බලධාරින් ඒ පවුල් හතර ගැන මේ දිනවල විශේෂ අවධානය යොමු කර කටයුතු කරන බවත් පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

(සුජිත් හේවාජුලිගේ)