[Trending][btop]
[News][stack]
'/>

ඇදිරි නීතිය අතර නිදන් හෑරූ 4 ක් අත්අඩංගුවට


ඇදිරි නීතිය පනවා තිඛෙන අතර තුර නිදන් සොයමින් කැණිම් කළ හමුදා සෙබලෙකු ඇතුලු 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.



මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 ත් 59 ත් අතර වියෙහි පසුවන අලුත් වැව / කිතුල්ගල / පැරකුම්ගම ප්‍රදේශවල පදිංචිකරුන් පිරිසකි.

සැකකරුවන් සතුව තිබී කැණිම් සිදුකිරිමට යොදා ගන්නා උපකරණ හා පුජා භාණ්ඩ විශාල ප්‍රමාණයක් ද සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා අරලගංවිල පොලිසියට භාර දී ඇත.

හේමන්ත ලියනපතිරණ