කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකයක් හේතුවෙන් පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබෙයි.
ගුවන් තොටුපොළ සෞඛ්‍ය අංශ පැවසුවේ අද පෙරවරුවේ විදෙස් ගතවීම සඳහා කටුනායක බණ්ඩාරනායක
ගුවන් තොටුපොළට පැමිණි 04 දෙනෙකු කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිය භාරයට ගෙන ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර කළ බවයි.
ඔවුන් දිවයිනේ රැඳී සිටි කාලය
තුළදී සංචාරය කළ ස්ථාන පිළිබඳව ද විමර්ශන සිදු කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
අද (14)  උදෑසන කටුනායකට පැමිණි අදාළ සංචාරකයින් සිව්දෙනා සම්බන්ධයෙන් කළ මූලික උණ පරීක්ෂණයේ දී වෛරසය ආසාදිත බවට සැක මතුව තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ඒ අනුව වහාම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ඔවුන්ව IDH රෝහලට යොමු කිරීමට පියවර ගෙන ඇත.
පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනාට කොරෝනා ආසාදනයවී ඇතිදැයි මුලින් පරීක්ෂාවට ලක්වන අතර ඔවුන් ලංකාවේ ගමන් කළ ස්ථාන ගැන දෙවනුව සොයා බලනු ඇත.