ඉතිහාසයේ පළමු වරට ඊයේ (13) දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 185.00 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය
අනුපාත සටහන අනුව ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල 185.0899ක් ලෙස සටහන් විය.

ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 181.2135ක් වශයෙනි.

සතිය ආරම්භයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 183.7676ක් ලෙසය.