8.15 pm
කොරෝනා වෛරසය ආසධිත වූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ශ්‍රී ලාංකික කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 කි.
සියලු දෙනා පිරිමි පුද්ගලයින් බවත් හතර දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ බවත් දන්වා ඇත. එක් අයෙකු පොළොන්නරුව රෝහලේත් අනෙක් අය අයිඩීඑච් රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටී. මෙම එක් අයකු අවසන් වරට ඉන්දියාවේ කේරලයේ සිට
මෙරටට පැමිණි බවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.
5.00 pm
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන වයස අවුරුදු 73 ක පිරිමි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ වනවිට කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.
2.40 pm
ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් ගණන ඊයේ වනවිට 18 ක් වූ අතර ගෙවුණ පැ 24 තුළ වෛද්‍ය
පරීක්ෂණ වලින් තවත් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ යනු ඇති.
අද හදුනාගත් අය වන්නේ
වයස අවුරුදු 50ක සහ වයස අවුරුදු 37ක පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බවද ජාසිංහ මහතා දැන්වීය.
එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසිණි.
