කොළඹ නගරයේ පිහිටි තරු හෝටල් 26ක් 2007 වසරේ සිට කොළඹ මහ නගර සභාවට රුපියල් බිලියනයක පමණි සංචාරක බිඳු මුදලක් ගෙවීමට ඇතැයි එම නගර සහා ආරංචි මාර්ග අනාවරණය කරයි. නගර සීමාවේ
පවත්වාගෙන යන අනෙකුත් හෝටල්වලින් අය කළ සංචාරක බද්ද සියයට දශම  5 සිට  සියයට දශම එක දක්වා අඩු කිරිමට නගර සභාව ගත් තීරණයක් හේතුවෙන් තවත් රුපියල් බිලියනයකට ආසන්න බදු මුදලක් අහිමි වී ඇතැයි ද පැවසේ.

නගරයේ හෝටල් හිමියන් 5000ක් පමණ ඇතත්, දැනට එයින් බදු ගෙවනුයේ හෝටල් හිමියන් දහසක් වැනි පිරිසක් බව ද බදු ප්‍රතිශතය අඩු කිරිමෙන් වසරකට රුපියල් 70,000 - 80,000ක් ගෙවූ හෝටල් හිමියන් මේ
වනවිට ගෙවනුයේ රුපියල් 300-400ක  පමණ සුළු බදු මුදලක් බව ද දැන  ගන්නට තිබේ. කොළඹ නගරයේ බදු නොගෙවන තරු හෝටල් හිමියන් 16 දෙනකු සාකච්ඡාවකට කැඳවීම සඳහා ඉකුත් දා නගර සභා බලධාරින් ගෙන තිබූ  තීරණයක් ව්‍යර්ථ වී ඇතැයි ද වාර්තා වේ.

-ජයන්ත සමරකෝන්-