පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසි පස් දෙනාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා පක්කරනු ලැබ සිටි 1250 දෙනකුටද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු තනතුරු අහිමිවී ඇත. සිය තනතුරුවලින් ඉවත්කර
ඇතැයි දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශය විසින් එම 1,250 දෙනාටම පෙරේදා (4) ලිපි යවන ලදැයි පාරලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම පෞද්ගලික කාර්ය මණ්ඩලය වශයෙන් හයදෙනෙක් අනුයුක්ත කරනු ලැබ සිටියහ. එම පෞද්ගලික කාර්ය මණ්ඩලයට රියදුරෝ දෙදෙනත්, ලේකම්වරයෙක්, කාර්යාල කාර්ය සහායකයෙක්, ලඝුලේකකයෙක් හා පරේෂණ නිලධාරියෙක් ඇතුළත් වූහ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම මේ සියලු දෙනාගේම තනතුරු අහෝසි වන්නේය. මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා පත් කෙරෙන්නේ ඒ ඒ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් විසින්ම යෝජනා කරනු ලබන පුද්ගලයන්ය. එසේ පත් කෙරුනු පසුව ඔවුන්ට රජයේ අනුමත දීමනාවක් ඇතුළු පහසුකම් රැසක් හිමිවෙයි.

- සුජිත් හේවාජුලිගේ -