රුපියල් 2500 කින් මිනිසෙකුට මාසයක් ජීවත්විය හැකි බවට ප්‍රකාශයක් පළ කිරීම නිසා මීට වසර කිහිපයකට පෙර විශාල ආන්දෝලනයක් ඇති කළ ඇමති බන්දුල ගුණවර්ධන මෙවර සති අන්ත පුවත්පතකට ජීවින වියදම පිළිබඳ නැවත අදහස් දක්වා තිබේ.
ඔහු ප්‍රකාශ කරන්නේ '2500 කතාව' ඔහුට එල්ල කරන මඩක් බවයි. ඔහු එම අගය ගුරු විද්‍යාල සිසුන්ට ජීවත්වීමට හැකි මුදල් ප්‍රමාණය ලෙස නැවත සංශෝධනය කර තිබෙන අතර
නොමැරී ජීවත්වන්නට නම් සාමාන්‍ය පුද්ගලයෙකුට දැන් රුපියල් 5000 ක් අවශ්‍ය බව දන්වා සිටී. ඔහු ඒ ගැන විමසූ අවස්ථාවේ දුන් පිළිතුර මෙසේය.


මේ තියන බඩු මිලට අනුව මිනිහෙකුට රුපියල් 2500 කින් ජීවත්වෙන්න බැහැ කියල ඔබ පිළිගන්නවද?

රුපියල් 2500 කින් ජීවත්වෙන්න පුළුවන් කියලා මම කිව්වේ ගුරු විද්‍යාලවල ශිෂ්‍යයන්ටනේ. නොමැරි ජීවත්වෙන්න 2500 ක් ප්‍රමාණවත් නිසයි මම එහෙම කිව්වේ. ඒ අයට රුපියල් 3000 ක් දෙන්න කියල මම දාපු කැබිනට් පත්‍රිකාවක් ගැනනේ ඔය කියන්නේ. ඔහොම දේශපාලන මඩවලින් රටක් ආර්ථිකයක් කළමනාකරණය කරන්න බෑ.
ගිය ආණ්ඩුව කාලෙම පිළි අරන් තියනවා නොමැරි ජීවිත් වෙන්න රුපියල් 5000 ක් ඕනෑ කියලා. සීයට සීයකින් නොමැරි ජීවත් වෙන්න යන වියදම වැඩිවෙලා කියලා ඒ ආණ්ඩුව ඔප්පු කළා.