හෝමාගම මාවත්ගම ප‍්‍රදේශයේ අතුරු මාර්ගයකට හොරෙන් කසල දමාගිය පුද්ගලයකු කසළ මල්ලක තිබූ දුරකතන අංකයක මාර්ගයෙන් අල්ලා පොලිසියට බාරදීමට ප‍්‍රදේශවාසීහු කටයුතු කළහ. ඉවතලන ළදරු
සනීපාරක්ෂක තුවා පිර වූ කසළමලු පහක් මෙසේ දමාගොස් ඇති අතර ප්‍රදේශවාසීන් විසින් එම කසළ මල්ලක් පරික්ෂා කිරිමේ දී එහි තිබි දුරකථන අංකයක් හමුවී තිබේ. ප්‍රදේශවාසීන් විසින් එම දුරකතන අංකය පොලීසියට ලබා දී ඇති අතර පොලිසිය එම අංකයට ඇමතුමක් ලබා දී ඔහුට එම ස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඇත .


ඔහු එම ස්ථානයට පැමිණීමෙන් පසු පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී එම පුද්ගලයා හෝමාගම උඩුවන ප්‍රදේශයේ පදිංචි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.
එම ස්ථානයට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු කැඳවා සැකකරුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර අනතුරුව පොලීසිය එම කසළ නැවත ඔහුගේ මෝටර් රථයටම දමා යැවීමට කටයුතු කර තිබේ.  සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හෝමාගම පොලීසිය සිදු කරයි.

-ප්‍රියන්ත ජයලත්-