කොරොනා වෛරසය ව්‍යාප්ත වීම මත දිවයිනේ උද්ගතවී ඇති තත්ත්වය සහ රෝග ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට
අනුගාමී වීම සඳහා,
එළඹෙන මාර්තු මස 21 වැනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී  පැවැත්වීමට නියමිතව තිබූ ”රයිගම් ටෙලීස් 2019” සම්මාන උළෙල එදින නොපැවැත්වෙන බව සංවිධායකයින් දන්වා තිබේ.

 පවතින තත්ත්වය සමනය වූ වහාම ආසන්නතම දිනකදී කලින් යොදා ගත් පරිදි කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීම මෙම උළෙල පැවැත්වෙන බවද, දැනටමත් නිකුත් කර ඇති ආරාධනා පත‍්‍ර එදිනට වලංගු බව ද දැනුම් දී ඇත.

මෙම තීරණයට සමගාමීව රයිගම් ටෙලීස් 2019 සම්මාන උළෙලේ ජනප‍්‍රියතම ටෙලිනාට්‍ය නළුවා, නිළිය සහ ටෙලිනාට්‍යය තේරීම සඳහා වන ප්‍රේක්ෂක මත විමසුම ද තාවකාලිකව අත්හිටුවන බවත්, එය නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙනු ඇති බවත් අවසාන ජයග‍්‍රහකයන් තේරීමේ දී මේ දක්වා ලැබී ඇති ප්‍රේක්ෂක මනාපයන් ද සැලකිල්ලට ගනු ඇති බවත් දන්වා ඇත.