විවිධ රටවලින් මෙරට සංචාරය කිරිම සදහා පැමිණි විදේශිකයින් 18 දෙනෙකු ගාලු වරාය පොලිස් බල
ප්‍රදේශය තුලදි ස්වයං නිරෝධායනයට ලක්කර ඇතිබව ගාල්ල වරාය පොලිසිය පවසයි.

මෙකි විදේශිය සංචාරකයින් හොටල්වල හා ලැගුම්හල්වල සිට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

ස්විස්ටර්ලන්තය, ජර්මනිය, රුසියාව, හොංකො, එංගලන්තය ආදි රටවලින් පැමිණි විදේශිය සංචාරකයින් මෙසේ ස්වයං නිරෝධනයට ලක්කර ඇත.

මේ අතර විදේශිය රටවල සිට පැමිණි ශ්‍රි ලංකිකයින් 11 දෙනෙකු ද සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය කියයි.

මේ අය අතර ඇමෙරිකාවේ හා ඉතාලියේ සිට පැමිණි අයද සිටි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ මොවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි.

(ජේ.කේ.එල් චාමින්ද)